කොවිඩ් 19 අධිවසංගතය තිරසර ජීවන රටාවක් උදෙසා
මේ වන විට කොරෝනා අධිවසංගතය, ලෝකයේ සියලු දෙනාගේම ජීවන රටාවන් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කර අවසන්. එහෙත් එය අපගේ තිරසර සංවර්ධනය සඳහා යොදාගත් නොහැකි ද? මේ පිළි පිළිබඳ “කොවිඩ් 19 අධිවසංගතය තිරසර ජීවන රටාවක් උදෙසා” යන මාතෘකාව යටතේ මණ්ඩප සාකච්ඡාවක් 2020.05.16 දින ප. ව. 8.00 සිට 9.30 දක්වා පැවැත්වීමට කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය කටයුතු සූදානම් කර තිබේ. නොමිලේ පැවැත්වෙන කාලීන, වැදගත්කමකින් යුත් මෙම සාකච්ඡාවට සහභාගි වීම සඳහා ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නෙමු .
Join the webinar on “COVID19 pandemic; Towards Sustainable Living” Organized by IHRA University of Colombo, TIIKM, International Association for Advancement of Science and International Association for Public Health.
මෙම මණ්ඩප සාකච්ඡාව සදහා පහත සඳහන් විද්වත් මණ්ඩලය සහභාගි වේ,
ආචාර්ය රංජිත් ප්‍රේමසිරි මහතා , ජ්‍යෙෂ් කථිකාචාර්ය / පෘථිවි සම්පත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව
මොරටුව විශ්ව විද්‍යාලය
මහාචාර්ය දීප්ති වික්‍රමසිංහ මහත්මිය, අංශ ප්‍රධානී / සත්ව හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව
විද්‍යා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මනෝ පෙරේරා මහතා,
වෛද්‍ය. පී.ජී. හේමන්ත කුමාර මහතා, නියෝජ්‍ය වෛද්‍ය අධිකාරී, මූලික රෝහල පැනදුර
වෛද්‍ය. ඔසධ සුරවීර මහතා , හදිසි ප්‍රතිකාර ඒකකය, කොළඹ ජාතික රෝහල
මෙහෙයවීම
ආචාර්ය සාගර චන්ද්‍රසේකර මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , මානව සම්පත් අභිවර්ධන ආයතනය, කොළඹ විශ්ව විශ්වවිද්‍යාලය.